Vision & Mission

ආදර්ශ පාඨය

සුනාථ – දරේථ – චරාථ

අසව් – දරව් – හැසිරෙව්

අරමුණ

සමාජයේ වෙසෙන මිනිසුන් නිවැරදි මගට ගෙන ඒමත් සමාජයේ සිදුවූ හා සිදුවෙමින් පවතින අසාධාරණ කමිවලින් පීඩා විදින හා විඳ වන්නන්ට එයින් මිදීමට සහයෝගය දැක්වීම.

ක්‍රියාකාරකම්

  • රටෙන් බැහැරව සිටින ශ්‍රී ලාංකීක ප්‍රජාව සමඟ එක්වී සංස්කෘතික හා සර්ව ආගමික චාරිත්‍ර වාරිත්‍ර සංවිධානය, පුරුදු පුහුණු කිරීම හා ඒ සඳහා යොමු කරවීම.
  • කුඩාදරුවන්් වෙනුවෙන් සිංහල භාෂා පන්තිය හා බෞද්ධ දහම් පාසල පවත්වාගෙන යාම.
  • සියළුදෙනා දැනුමින් පෝෂණය කරනු වස් දහම් පුස්තකාලයක් පවත්වාගෙන යාම.
  • සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වයන්, හදිසි රෝගාතුර තත්වයන්, පූර්ණ ආබාධිත තත්වයන් හා මරණයන්හීදී අවශ්‍ය මුල්‍ය සහන ලබාදීම සඳහා සුව සෙත ජන සහන සේවාව පවත්වාගෙන යාම.