President’s Message

ගරු සභාපතිතුමාගේ පණිවිඩය

ශ්‍රී ලාංකික සුභසාධක සංගමය මාගේ සහභාගීත්වයෙන් මෙයට වසර පහකට පෙර සිට ක්‍රියාත්මක වන අද වන විට බහරේන් රාජ්‍යයේ ඇති ප්‍රභල සංවිධානයකි. මෙම සංවිධානය තුලින් මෙම රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ජනතාවට බෞද්ධ, සංස්කෘතික හා සමාජීය සාරධර්ම ඔප් නැංවීමට මා ඇතුළු මාගේ නිළධාරී මණ්ඩලය විශාල වෙහෙසක් දරා ඇත.

රටක සහ ප්‍රජාවකගේ දියුණුව යනු භෞතික සංවර්ධනය පමණක් නොවේ. අධ්‍යාත්මික දියුණුවකින් තොර සමාජයක් ඇති රටක බාහිරදේ මොන තරම් දියුණුතලයක තිබුනත් ඉන් පලක් නොවේ. ලෝකයේ විවිධ ස්ථානවල සැරි සරන මා හට දක්නට ලැබුනේ බහුතරයක් නොදියුණු තත්වයකින් සිටින බවයි.

අප සමාජයේ දුප්පත්කම මෙන්ම සැඟවී ඇති දක්ෂතාවයන් සහ පිං හඳුනාගෙන ආකල්පමය වර්ධනයක් ඇතිකරගෙන සාරධර්ම වලින් පිරුනු පිරිසක් බිහිකිරීමට දැන උගත් බලවතුන් කටයුතු කළ යුතුව ඇත.

මා මෙම සංගමය තුලින් උත්සාහ ගන්වන්නේ අප සමාජයට මානසික ශක්තියක් හා බුද්ධි බලයක් ලබාදී දුක්විඳින අහිංසක ජනතාවගේ ජීවන තත්වය උසස්කර දුකින් මිදීමට අත්වැලක් සැපයීමයි.

සෑමදෙයකටම මුල මනසයි. මනස තේරුම් නොගෙන, මනස පෝෂණය නොකොට නියම මනුෂ්‍යයෙකු ලෙස ජීවත්වීමට අපහසුය. අද සමාජයේ අපහට දක්නට ලැබෙන්නේ මිනිස් වේශයෙන් ජීවත්වෙමින් තිරිසනුන්ටත් අන්ත එහා ගිය ක්‍රියාවල නිරතවන අයයි. එබැවින් අප සංගමය තුලින් ඔබගේ අධ්‍යාත්මික ගුණ වගාව වඩාත් ඔප් නංවා ගැනීමට මා ඔබට ගෞරවයෙන් ආරධනා කරමි.

සමාජයේ වෙසෙන මිනිසුන් නිවැරදි මඟට ගෙන ඒමටත් මේ අබුදස්ස කාලයේ සමාජයේ සිදුවන හා සිදුවූ අසාධාරණකම් වලින් පීඩා විඳි සහ විඳවන්නන්ට එයින් මිදීමට සහාය දැක්වීමත් අපගේ පරම චේතනාවයි.

මෙම කාල සීමාව තුල මා හට උදව් උපකාරකළ මාගේ හිතවත් සංගමයේ සියළු නිළධාරී මණ්ඩලයටත්, උපදේශක මණ්ඩලයටත්, දායක සභාවේ සියළු දෙනාටත්, නන් අයුරින් උදව් උපකාර කළ සියළු දෙනාටත් මාගේ බිරිඳ තුෂාරි ගාල්ලගේ මහත්මියටත් මෙම පොත නිර්මාණයට දායකවූ විශේෂ උත්සව කමිටු සාමාජික මහත්වරුන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය ප්‍රකාශ කරමි.

විශේෂ ස්තූතිය පූජ්‍ය පක්ෂයට හා ගුරුහරුකම් දුන් ගුරුභවතුන්ට.

ස්තූතියි,

මෙයට ඔබගේ හිතවත්,

තුෂාර දිල්හාන් ගාල්ලගේ

සභාපති – ශ්‍රී ලාංකික සුභසාධක සංගමය

බහරේන්